Skip to main content

Posts

Showing posts from December, 2013

දස වසරකට පෙර: හන්තානේ ගල් පෙරලුනු හැටි

දැනට අවුරුදු දහයකට එපිට සිද්ධ වෙච්ච දෙයක් මේ... ඇත්තටම කිව්වොත් අවුරුදු දහයක් කියන්නේ ලොකු කාලයක් නේ. ඒ උනත් එදා හිටපු මමයි අද ඉන්න මමයි අතර අවුරුදු දහයක පරතරයක් තියෙනවා කියල මගේ හිත පිළිගන්නෙම නැහැ. .... මම හිතන්නේ ඒ අවුරුද්ද අපි ගොඩක් දෙනෙකුගේ හීන හැබෑ උණු අවුරුද්දක්. කැම්පස් එකේ පළවෙනි අවුරුද්ද එහෙම තමයි. ඒ ලෙවල් රේස් දුවල දුවල හති වැටුණු හිත ට ලස්සන තරුණ කාලේ චමත්කාරය දැනෙන්න පටන් ගත්ත කාලයක්.... මේ ලියන්නේ අපේ පළවෙනි බැච් ට්‍රිප් එක ගැන...අපි ඒ ට්‍රිප් එක ගිහිං ඇවිත් සහභාගී උණු ලෙක්චර් එකකදී එක සර් කෙනෙක් කිව්වා "ඕගොල්ලෝ මෙහෙන් අවුට් වෙලා ගිහින් අවුරුදු දහයකට පස්සෙ හිතනවද ජාවා ප්‍රෝග්‍රෑම් ලිව්ව හැටි කතාකරාවී කියල? නැහැ! ඔයාල ට මතක් වෙන්නේ ඔය ගමන!" කියලා. ඉතින් ඇත්ත නේන්නම්...අපේ ඒ කුළුඳුල් බැච් ට්‍රිප් එක එච්චරටම විශේෂයි :) මොකද කොළඹ ඉඳන් හන්තානට ගිය අපි, ආපහු ආවේ හන්තානේ ගල් පෙරළලා, කඩාවැටුණු දිරච්ච ගස් වලට යන්තම් අහු නොවී, හන්තාන කන්දේ අතරමං වෙලා, වැටිලා, පෙරලිලා, බඩගාලා, පේරාදෙණිය ඉස්පිරිතාලෙන් මැහුමුත් දාගෙන! ඒ ට්‍රිප් එක අපි ගියේ සයන්ස් ෆැකල්ටි එකේ යාලුවොත් එක්ක.