Skip to main content

මගුල් කෑම! : 2 ..වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්

<<මෙන්න 1 කොටස

කොහේද?

දිනේ තෝරගත්තට පස්සේ තියෙන්නේ වෙඩින් එක ගන්ඩ තැනක් බුක් කරන එක.
එතෙන්දි ඔයාල අමුත්තෝ කී දෙනෙක්ට ආරාධනා කරනවද කියල දළ වශයෙන් අදහසක් තියෙන්ඩ ඕනේ. මොකද ගොඩක් හෝල් වල අවම සහ උපරිම අමුත්තෝ ගානක් තියෙනවා.

මම නම් පුද්ගලිකව උඩ තට්ටුවේ තියෙන හෝල් වලට කැමති නැහැ. මොකද ඒවා වල සාමාන්යෙන් සීලින් එක පහතයි. එතකොට පොඩ්ඩක් හිරවෙච්ච ගතියක් එන්ඩ පුළුවන්. උසට සීලින් එකක් තියෙන කොට වැඩිය ලස්සනයි... අනිත් එක පඩි නැග නැග bridal retinue එක එද්දී ඒකෙ ලස්සනත් යනවා.

හෝල් එක බුක් කරද්දී එතන පිහිටීම ගැනත් පොඩ්ඩක් හිතන්න. ඒ කිව්වේ කොහෙද තියෙන්නේ කියලා. මනමාලිගේ ගෙදර ඉඳන් යන්න ළඟ වෙන තරමට හොඳයි. ඒ වගේම එන මිනිස්සුන්ට පහසු නම් තවත් හොඳයි. මොකද මිනිස්සු අපේ වෙඩින් එකට එන්නේ දහසකුත් එකක් කරදර මැද්දේ. එහෙව් එකේ හොයාගන්න අමාරු, දුර බැහැර තැනක තියෙන හෝල් තෝර නොගන්න තරමට තමයි හොඳ.


අනික් එක තමයි වියදම :) මේකට තමයි ඉතින් වැඩිම වියදම යන්නේ. ගොඩක් වෙලාවට කෑම මෙනු දෙක තුනක් අතරින් තොරගන්ඩ තියෙන්නේ. ඉතින් තමන් ට කැමති විදිහට මෙනු එකේ දෙන කෑම ජාති බලල අතේ තියෙන ගානට එකක් තෝරාගන්න පුළුවන්. හැම හොටෙල් එකක්ම වගේ ඔය වෙඩින් පැකේජ් ගැන විස්තර ඊ මේල් වලින් එවනවා...
සාමාන්‍යෙන් නම් ඔය පැකේජ් එකට එදා උදේට කට්ටියට අඳින්න dressing room එකක් හෝ දෙකක්, එදා රෑට කපල් එකට ඉන්න රූම් එකක්, පහුවෙනිදට උදේ කෑම එහෙම ඇතුල් වෙනවා.

අන්දන වැඩේ 
 ගෑණු ළමයට නම් ඉතින් මේක තමයි ගොඩක්ම වැදගත්!
එක අතකට ඒකෙත් වැරැද්දක් නැහැ. මොකද ඉතින් එදාට හැමෝම බලන්නේ මනමාලි දිහා නේ. කවුද අර අසරණ මනමාලය දිහා බලන්නේ?! :D
හැබැයි කට්ටිය ඔය මේක් අප් දාන වැඩෙන් ඇත්තටම 'ඇන්දෙන' වෙලාවලුත් තියෙනවා!


ඉතින් අන්දන කෙනා බුක් කරද්දීත් කීප දෙනෙක් හම්බ වෙලා කතා කරලා බුක් කරන්න පුළුවන්. සමහර සැලොන් නම් ඒකත් පැකේජ් විදිහට කරනවා. ඒ කියන්නේ hair & makeup, ඇඳුම් මහන එක, මල් බොකේ ඔක්කොම කරනවා. එහෙම තනි එක්කෙනාම කරන කොට ලේසියි.
හැබැයි මගේ නම් ඔය තුන කරේ වෙන වෙනම තුන් දෙනෙක්. එතකොට ඉතින් ටිකක් සංකීර්ණයි. ඒත් මම එහෙම කරේ මගේ hair & makeup කරපු එක්කෙනා අනිත් දේවල් මුකුත් කරන්නේ නැති නිසා.

එයාව තොරගන්ඩ කොට එයා කලින් අන්දපු මනමාලිලා ව පොඩ්ඩක් බලන්න.
සමහරු මේක් අප් තලි තලි ගාල කට්ටිය අඳුර ගන්නත් බැරි කරනවා. මගුල් දවසේ මනමාලිගේ හමේ පාටයි, පස්සේ හමේ පාටයි අහසට පොලව වගේ! අනේ මන්ද ඔය හමේ පාට සුදු කරන එකට මම නම් ආස නැහැ. ඇයි වදේ තමන්ගේ මගුල් දවසේ තමන් වෙනමම අමුතු කෙනෙක් වෙන්ඩ ඕනෙද? දක්ෂ රුපලාවන්‍ය ශිල්පියා කරන්නේ මනමාලිගේ ස්වභාවික ලස්සන මතු කරන එක! නැත්නම් වෙස් මුණක් දාගත්ත වගේ පාට උලන එක නෙවෙයි...

ඒවගේම පොඩ්ඩක් කතා කරලා බලන්න අන්දන එක්කෙනා එදා දවසේ ගෙදරට හරි හෝල් එකට හරි එනවද නැත්නම් මනමාලි එයාගේ සැලෝන් එකට එන්න ඕනෙද කියල.
එයා අපේ තැනකට එනවා නම් ලේසියි... නැත්නම් මනමාලි ගම්පහ, සැලුන් එක නුගේගොඩ, වෙඩින්  එක කොල්ලුපිටියේ වගේ උනොත් මහා වදයක් නේ. :D
මොකද මනමාලි විතරක් නෙවෙයි දෙවෙනි මනමාලිලා සහ මල් කුමරියෝ කට්ටියත් එක්කන් යන්න ඕනෙනේ.

අනේ ඉතින් මගේ එක්කෙනා නම් හෝල් එකකට එන්නම් කිව්වා. ඉතින් අර කරදරකාරී 'පිටත් වෙන නැකත' මහා පාන්දර තිබුන නිසා මම කරේ ඒකට විනාඩි පාලොහකට විතර කලින් නැගිටලා යන්තම් මුණ කට හෝදගෙන ගෙදරින් පිටත් වෙලා... හොටෙල් එකේ dressing room එකට වෙලා ඉඳන් කාල බීල නාගෙන අන්දන කට්ටිය එනකම් හිටපු එකයි. :)

ඇඳුම
ගොඩක් අය අඳින්නේ පහතරට ක්‍රමේට වේල් දාල ඉන්දියන් සාරිය හරි ඔසරිය හරි නේ. ඉතින් ඕකට සාරිය ගන්න කලින් අර අන්දන එක්කෙනා එක්ක පොඩ්ඩක් කතා කරලා බලන එක හොඳයි. මොකද හැමෝන්ටම හැම දෙයක්ම ගැලපෙන්නේ නැහැනේ...
 සුදු පාටේ උනත් එක එක ප්‍රභේද තියෙනවනේ. ඒ වගේම සමහර අයට රිදී පාට work එකක් ගැලපෙනවා. සමහර අයට හරියන්නේ රත්තරන් පාට work එකක්...

මම ඇන්දේ රත්තරන් පාටින් වැඩ දාපු off white සාරියක්.

ඒ වගේම සාරියේ material එකත් වෙනස් වෙනවා. පහතරට ක්‍රමේට අඳිනවා නම් chiffon රෙද්ද තමයි හොඳ. ඒක පිම්බෙන්නේ නැති ලස්සනට ඇලිල තියෙන නිසා. ඔසරිය උනත් ඒකෙන් අඳින්න පුළුවන්.
හැබැයි raw silk සාරි නම් හරියන්නේ ඔසරියට විතරයි. මොකද ඒක ටිකක් පිම්බෙන්න බලන නිසා. ඇත්තටම raw silk සාරි හරිම ලස්සනයි. ගොඩක්‌ ග්‍රෑන්ඩ් පෙනුමකුත් තියෙනවා. ඒ වගේම ගණනුත් එක්ක. ඒත් පිම්බෙන ගතිය නිසා laser chiffon කියන ජාතියේ සාරියක් තමයි මම තොර ගත්තේ.

ආසාවෙන් අතගාල තියල ආපු රෝ සිල්ක් සාරිය!

ඇත්තටම මම මුලින්ම හිතුවේ ලේස් සාරියක් ගන්න. ඒත් දැන් ලේස් සාරි එන්නේ නැතිලු. කඩ වල තිබුනෙත් නැහැ. ඉතින් එහෙම උනොත් ලෙස් පීස් වෙනමත්, ප්ලේන් සාරි රෙද්දක් වෙනමත් අරන් කපලා සාරියක් හදන්න වෙනවා කියල මහන එක්කෙනා කිව්වා. ඒත් ඒක හරිම සංකීරණ සහ මිල අධික වැඩක් වෙයි කියල හිතුන නිසා ඒ අදහස අත ඇරලා දැම්ම.

පිට කොටුවේ ලේස්! :)

හැබැයි එකක් තියෙනවා. ඔයාල සාරි ගන්න යන කොට අර beautician ලව එක්ක යනවා නම් පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න. මොකද එයාල එයාලගේ අඳුනන කඩවලට එක්ක ගිහින් මොකක් හරි එකක් ඇඟේ ගහන්න ඉඩ තියෙන නිසා.

මම නම් සාරිය ගන්න ගියේ අම්මයි තාත්තයි එක්ක :) මගේ beautician සහ ඇඳුම් මහපු එක්කෙනා එන්ඩ ඕනේ කිව්වෙත් නැහැ...මම කරේ එයාලගෙන් සාරි ජාතියි, පාටයි පොඩ්ඩක් අහගෙන පිට කොටුවට ගිහින් මට ආස හිතුන සාරිය තෝර ගත්ත එකයි :)

ඊ ගාවට සාරි ජැකට් මහද්දී හරියට ඇඟේ ගානටම තියෙන්ඩ ඒක තියෙන්න ඕනේ. ඉතින් bridal jacket මහද්දී පොඩ්ඩක් විශේෂත්වයක් කරන නිසා සාමාන්‍ය සාරි ජැකට් වලට වඩා ගණන් යනවා. අනිත් එක සාරියේ බ්ලවුස් පීස් එකෙන් නෙවෙයි මහන්නෙත්.
රෝ සිල්ක් වලින් වේල් බෝන් දාල මැහුවම ලස්සනයි. හැබැයි ඕකට හොඳ තත්වයේ රෝ සිල්ක් හම්බුනොත් හොඳයි. මට එහෙම හොඳම රෙද්ද කියල  කඩ කාරය දුන්නත් පස්සේ බෙයිජිං වල සිල්ක් ෆැක්ටරි එකකදී තිබුන රෝ සිල්ක් රෙදි අල්ලලා බැලුවම තේරුනා මම අරන් තිබුනේ හොඳම රෙද්ද නෙවෙයි කියල :(
 හොඳ වෙලාවට මගේ ජැකට් එකට ඒක ගානක් උනේ නැහැ. ඒත් දෙවෙනි මනමාලි කෙනෙක්ගේ ජැකට් එක ප්‍රෙස් කරද්දී පොඩ්ඩක් රැල්ලක් හිටියා රෙද්ද නිකන් උණු උනා වගේ උන නිසා.

මනමාලි ල චාම් වෙන තරමට මට ලස්සනයි. ඉතින් ගොඩක් සුකුරුත්තන් මෝස්‌තර තෝර ගන්න එපා... අනිත් එක තමන් දන්නවනේ තමන්ගේ ඇඟ මොන විදිහද කියල. ටිකක් ඇඟ තියෙන කෙනෙක්ට ගොඩක් ගැඹුරට කර කපන එක වගේම, බඩ  තියෙන කෙනෙක් ටයර් සංස්ථාව වගේ අඳින එකත් හරි නැහැ කියලයි මට හිතෙන්නේ. අනික් එක කොහොමත් 'Bride' කියන්නේ මෝස්‌තර නිරූපිකාවක් නෙවෙයි නේ :)


හ්ම්ම් තව දේවල් ලියන්න තියෙනවා...ඒවා පස්සේ... :)

Comments

  1. අද කාලෙ වෙඩිං කියන්නෙ මට නම් විකාරයක්... ඒවට වියදම් කරන සල්ලි වලින් ළඟම හිතවත්තු ටිකකට පාටියකුත් දීල මාස දෙක තුනක් හනිමුන් ගිහින් එතහැකි ගේමක් නැතුව....

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. ඒත් මේකනේ ... වෙඩින් එකක් තනියම කරන්නේ නැහැනේ. අම්මල තාත්තල ගේ ඕනෑ එපාකම් ආසාවන් බලන්ඩත් ඕනේ. අනික තමන්ගේ පවුලේ අය විතරක් නෙවෙයි, තව අලුත්ම පවුලක් එක්ක ගනුදෙනුවකුත් තියෙනවා. ඉතින් එයාලගේ අදහස් සලකන්නත් ඕනේ. එතකොට නෑදෑයෝ, යාලුවෝ...කී දෙනෙක්ද?!

      ඔය ඔක්කොමත් එක්ක තමන්ගේ කැමති අකමැති කමුත් එක්ක තමන්ගේ බජට් එක බලන්නත් ඕනේ...

      මම වියදම් කරා නම් මාත් කරන්නේ ඔයා කිව්ව විදිහට පොඩි උත්සවයක්. ඒත් (හොඳ වෙලාවට!) 80% වියදම කරේ ගෙදරින්. ඉතින් එයාලගේ ආසාවනේ.

      බලමුකෝ සාතන් ගේ වෙඩින් එක ඔහොම කරයිද කියල! :P

      Delete
  2. අන්දන වැඩේ කියන්නෙ මොකක්ද.?? එතකොටත් මනමාලයව ගොනාට අන්දලා ඉවරයි නේද.?? ඒකනෙ ඌ බඳින්ට කැමති වෙලා තියෙන්නෙ.. :D

    ReplyDelete
    Replies
    1. අපෝ ඒක ඉනිෂල් ඇන්දිල්ල නේ අනේ...
      මගුල් ගෙදර ක් ගන්නකොට තව කී වතාවක් කට්ටිය ඇන්දෙනවා ද?
      මාල වළලු මුදු ගන්න කොට, සාරි ගන්නකොට, මල් තෝරන කොට.... :D :D

      Delete
  3. වෙන්ඩ මනමාලිලට පෝස්ට් එක දැම්මට ඇවිත් තියෙන්නේ වෙන්ඩ මනමාලයෝනේ හී හී...

    මම නම් බලා ඉන්නේ තව ඔහොම දිගට ගිහින් තව වැදගත් අනම්, මනම් ටිකක් කියනකල්.:D
    ඒවත් මතක ඇතුව දාන්ට හොඳේ.

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ තව බලන් ඉන්න දෙයක් නැහැ. මේ දැන් කියන්නෙත් වැදගත් දේවල් තමයි!

      Delete
  4. මේවා කියවද්දී අපේ මගුලත් මතක් වෙනවා . සාරි හොයන්න බඩගාලා කකුලුත් රිදුන . වැඩේ කියන්නේ අන්දපු එක්කෙනයි අපේ එක්කෙනයි නැන්දම්මයි තුන්දෙනාට හරියන ඒවා සොයන්න වෙච්චි එකයි . ඔය සාරි ගන්න වැඩේ ඇරුනම අනික් සේරම වගේ අපි දෙන්න තනියම ඇවිදලා කරගත්තේ . බ්‍රිස්ටල් විදියේ කාඩ් තෝරපු හැටි ..කේක් වලට බඩු ගන්න ගිය හැටි ..දැන් මතක් වෙද්දී සතුටුයි ඉතින්. තනියම කරගත් නිසා හොඳ අත්දැකීම් ලැබුවා . අපි කාඩ් තෝරන්න යනකොට අපිට ඉස්සරහින් සනත් -සැන්ද්‍රා යුවලත් අත්දෙක අල්ලන් ඇවිදන් ගියා . ඒගොල්ලත් කාඩ් ගන්න ඇවිත් ..

    ReplyDelete
    Replies
    1. හිකිස් ඔව් තෝරන්න යද්දී හැමෝවම සතුටු කරන්ඩ අමාරුයි තමයි...මනමාලයට රෙදි තෝරන්න යන කොට ඔය වැඩේ වෙලා තිබ්බ.
      කාඩ්, කේක් පෙට්ටි තෝරද්දී දෙන්නගෙන් එක්කෙනක්වත් ලංකාවේ හිටියේ නැති නිසා 'දුරස්ථ සිලෙක්ෂන්' තමයි කරන්න උනේ! හොඳ වෙලාවට ස්කයිප් ඊ මේල් මේ ලෝකේ තිබුනේ! :D

      ඒක තමයි බින්දී ... දැන් වෙඩින් planner කෙනෙක් උනත් වෙන්න පුළුවන් වගේ නේද?! ඒවා කරනකොට පණ ගියා වගේ උනාට දැන් මතක්වෙද්දී ආසයි..නේද? එක පාරයි නේ එන්නේ...ඉතින් ටිකක් මහන්සි වෙලා දෙන්න එක්ක ඒ වැඩ ටික ලස්සනට කරගන්න එක තමයි වටින්නේ... :)

      Delete
  5. බඳින දවසේ ස්පෙෂලිස්ලා ඇවිත් මනමාලිට අන්දනවා.

    එදා ඉඳලා මනමාලී බිරිඳ වෙලා තමන් ගේ මනමාලයා වුණු සැමියාට අන්දනවා!

    ReplyDelete
  6. හ්ම්ම්...මමත් ඔය ප්‍රොසෙස් එකේම ගියානේ. ඒ ඔක්කොම මතක් උනා :) ඇත්තටම පිටකොටුවේ සාරි ලාබයි. එකම සාරිය වෙනත් කඩේක දෙගුණයක් වගේ ගානකට විකුනන්න තියනවා. මමනම් ඇන්දේ අයිවරි කලර් ඔසරියක්. අනිත් රෙදි ටිකනම් කොල්ලුපිටියේ තැනකින් ගත්තේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන